Sunday, April 15, 2012


ගණිත ගැටළු- ප්‍රදීප් ලියනගේ-2012-04-16
1.සීනුවක් සෑම  මිනිත්තු 4කට වරක් නාදවෙයි. පැයකදී එම සීනූව කී වරක් නාදවෙයිද?=.......................
2.මීටර් 3ක් දිග කම්බියකින් පැත්තක දිග 10cම් වන සමචතුරස්‍ර කීයක් සෑදිය හැකිද?=.......................
3.අමු මිරිස් ග්‍රෑම් 150 ක මිල රු. 9.00 කි අමු මිරිස් ග්‍රෑම් 500 ක මිල කියද?=.......................
4.කරත්ත රෝදයක වට ප්‍රමාණය මීටර් 3කි. කිලෝමීටර් 1.5ක දුරක් යෑමේදී රෝදය වට කීයක් කැරකේද?=.......................
5.මිතුරන් 5 දෙනෙක් එකිනෙකා අතර වෙසක් සුබ පැතුම්පත් හුවමාරු කර ගත්තේ නම් ඔවුන් සියලුම දෙනා අතර හුවමාරු වූ වෙසක් සුබපැතුම් පත් ගණන කීයද?=.......................
  6.බ0කුවක ළමයි වාඩිවී සිටිති.කුමුදු එහි මුල සිට ගණන් කළ විට 25 වැනියාය. අග සිට ගණන් කළ විට 12 වැනියාය. ඇයට ඉදිරියෙන් කී දෙනෙක් වාඩිවී සිටීද?=.......................
7.පොත් 425ක් එක් අයෙකුට 18 බැගින් 8 දෙනෙකුට බෙදු විට කීයක් ඉතිරිවේද?=.......................
8.මල්ලක ඇති වීදුරු බෝලවලින් 1/2ක් රතු පාටයි. 1/4ක් කොළ පාටයි. ඉතිරි බෝල 4 නිල් පාටයි. මල්ලේ තිබු  වීදුරු බෝල කීයද?=....................... 
9.මීටර් 260ක් දිග දුම් රියක් 90m දිග වේදිකාවක් පසුකර යාමට කොපමණ දුර යායුතුද?=.......................
10.භාජනයක ඇති කිරි එක් අයෙකුට ලීටර් 1/2 ක් වනසේ සමසේ බෙදුවේ නම් ඒ සදහා වැයවූ කිරි ප්‍රමාණය ලීටර් කීයද?=.......................
 
පිළිතුරු
1.15
2.07
3.30
4.500
5.20
6.24
7.281
8.16
9.350
10.10  l

No comments:

Post a Comment