පහත කවිය
කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
සුවඳ පස්සේ
දුවනවා-වනේ සැමතැන සොයනවා
පිපුණු මල් මත
වහනවා-මිහිරි ගී හඬ නඟනවා"
"තුඩින් මල්
පැණි ඇද බොතී- ටිකින් ටික බී රඟ දෙතී
ගසින් ගසකට
දිවයතී -මලින් මලකට පැනයති"
1.මෙම කවි
පන්තියේ රචකයා කවරෙක්ද?...............
2.මෙය කුමන
පොතකින් උපුටා ගත්තක්ද?...............
3.මෙම කවි
පන්තියේ මාතෘකාව කුමක්ද?................
4.මලින් මලකට
පැන යන්නේ කවුද?..................
5.පිපුණු
යන්නෙහි විරුද්ධ පදය කුමක්ද?................
6.මෙහි ඇති අප්‍රාණවාචී
නාමපදයක් ලියන්න..................
7.මෙහි සඳහන්
විශේෂණ පදයක් ලියන්න...................
8.මෙහි සඳහන් ප්‍රථම
පුරුෂ බහු වචන ක්‍රියා පදයක් ලියන්න............
9.මල් පැණි
බොන්නේ කුමකින්ද?...................
10."වනය"
යන්නට සමාන පදයක් ලියන්න.................
පිළිතුරු
- සමන් තිලකසිරි
- නව හෙළ ගී
- මලින් මලකට පැණයති
- මී මැස්සා
- පරවුණු
- මල්
- මිහිරි
- බොති
- තුඩින්
- කැලය
No comments:
Post a Comment